ජන්ද අපේක්‍ෂයාගේ යතුරු පැදිය සොරකම් කරලා..

ජන්ද ප්‍රචාරක කටයුතු සඳහා නිවස්වලට ගිය අපේක්‍ෂකයෙකුගේ යතුරු පැදියක් සොරකම් කර ඇති බවට සාවකච්චේරිය පොලිසියේ පැමිණිලි කර තිබේ.

සාවකච්චේරිය ප්‍රාදේශය සභාවට තරඟ කරන සෙල්ලයියා ජෙයපාලන් නැමැත්තා පසුගිය සතියේ කයිතඩි ප්‍රදේශයේ නිවස්වලට ජන්ද ප්‍රචාරක කටයුතු සඳහා ගොස් තිබේ. එහිදී එක් තැනක සිය යතුරු පැදිය නවතා තබා නිවසින් නිවසට ජන්ද ප්‍රචාරක කටයුතුවලට ගොස් තිබෛ්.

අනතුරුව යළි එම ස්ථානයට පැමිණ බලන විට එහි නවතා තිබූ තම යතුරු පැදිය යම්කිසි කෙනෙකු විසින් සොරාගෙන ඇති බව දැනගත් ඔහු සාවකච්චේරිය පොලිසියට පැමිණිලි කර තිබේ. සාවකච්චේරිය පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top