මෙවර නිදහස් දින සමරුවට බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු

පෙබරවාරි මස 4 වැනි දාට යෙදෙන 70 වැනි නිදහස් දින සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු සහභාගි වීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ ෆිලිප් කුමරුගේ බාල පුතණුවන් වන එඩ්වර්ඩ් කුමරු වැසෙක්ස්හි අර්ල්වරයා යන නමින් හඳුන්වන අතර බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමිවන අනුපිළිවෙළ අනුව 9 වැන්නා ද වේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ විදේශ අමාත්‍යාංශය හරහා බ්‍රිතාන්‍ය රජ පවුල වෙත යවා ඇති ආරාධනා පත්‍රය පිළිගෙන ඇති බවයි.

“එක් ජාතියක්” යන තේමාව යටතේ පවත්වන ‍මෙවර නිදහස් දින උළෙල සඳහා තායිලන්තයේ සහ ජපානයේ රජ පවුල් වෙතද ආරාධනා යවා ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top