පාසල් නිල ඇඳුම් වවුචර්වල වලංගු කාලය දීර්ඝ කරයි..

පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට දී තිබූ වවුචර්වල වලංගු කාලය ජනවාරී 30 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරවරයා උපදෙස් ලබා දී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

කිසියම් හේතුවක් මත වවුචරපත්වලින් නිල ඇඳුම් මිලදී ගැනීමට මෙතෙක් නොහැකි වූ සිසුන්ට සිදුවන අපහසුතාව සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.

වසරක් පාසා පාසල් සිසුන් වෙත නොමිලේ නිල ඇඳුම් වවුචර්පත් ලබාදීම රජය විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන අතර ඒ අනුව පසුගිය වසරේ දී සිසුන් වෙත නිකුත් කරන ලද පාසල් නිල ඇඳුම් වචුරයෙහි වලංගු කාලය 2017-12-31 වන දා දක්වා වලංගුව තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top