යාපනයේ මත්ද්‍රව්‍ය භාවිතාව ඉහළට – පොලීසිය නොසැලකිල්ලෙන් බව පළාත් සභාවෙන් චෝදනාවක්

යාපනය තුල පොලීසියේ නොසැලකිලිමත් භාවය හේතුනේ මත්ද්‍රව්‍ය භාවිතාව ඉහළ යමින් පවතින බවත්, එයට එරෙහිව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් ඉල්ලා තිබේ.

උතුරු පළාත් සභා සැසිවාරය අද (10) දින පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී අයියූබ් අස්මින්, යාපනය තුල මත්ද්‍රව්‍ය භාවිතාව ඉහළ යමින් පවතිනවා. පොලීසිය එය ගැන නොසැලකිලිමත්ව කටයුතු කරනවා, එමෙන් උතුරු පළාත් සභාව මේ සම්බන්‍ධයෙන් අවධානය යොමු කර නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි ඉල්ලා සිටියේය.

එහිදී අදහස් ප්‍රකාශ කළ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී එස්. සුකිර්දන්, යාපනයේ පාසල් ඉලක්ක කරමින් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතාව පතුරවනවා, එය ගැන පොලීසිය නිසි ක්‍රියාමාර්ගයක් නොගෙන නොසැලකිලිමත්ව සිටිනවා, එමෙන් මෙය මැඩපැවැත්වීම සඳහා මහ ඇමැතිවරයා පොලිස් නිලධාරින්ව කැඳවා සාකච්ඡා කළ යුතු අතර, විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර මත්ද්‍රව්‍ය භාවිතාව සිසුන් අතරින් තුරන් කිරීමට කඩිනමින් පියවර ගත යුතු යැයි පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top