කිලිනොච්චිය දී දමා ගිය බිළිඳකු සොයාගනී

කිලිනොච්චිය දී අද (10) පෙරවරුවේ දමා ගොස් සිටි බිළිඳකු පොලිසිය විසින් සොයාගෙන දිස්ත්‍රික්ක රෝහලට භාරදී තිබේ.

අද පෙරවරුවේ කිලිනොච්චිය රෝහල ඉදිරිපිට අලුතින් ඉදිවෙමින් පවතින බස් නැවැතුම් පොළ ගොඩනැගිල්ල තුල බිළිඳකු සිටීම දුටු ප්‍රදේශවාසීන් පොලීසියට දැනුම් දී තිබේ. අනතුරුව පොලිසිය විසින් එම බිළිඳු දරුවා රෝහලට භාරදී තිබේ. මෙලෙස බිළිඳව දමා ගිය දෙමව්පියන් සම්බන්‍ධයෙන් කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top