පාර්ලිමේන්තුව උණුසුම් වෙයි..

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ අද (10) කළ විශේෂ ප්‍රකාශයත් සමග සභාව නොසන්සුන් විය. විරෝධතා පුවරු රැගත් විපක්ෂයේ මන්ත්‍රීවරු සභගර්භය මධ්‍යයේ ආරම්භ කළ විරෝධතාවයට පසුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ ගාමිණී ලොකුගේ හා ආණ්ඩු පක්ෂයේ එස්.එම්.මරික්කාර් යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවූ අතර ඊට අනෙක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මැදිහත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ එකම ගාලගෝට්ටියක් බවට පත්විය.

කෙසේ වෙතත් ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට සුළු සීරිම් තුවාල සිදුවි ඇති අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඔහුට ප්‍රතිකාර කර තිබේ.

මේ අතර ගැටුම අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතාට ක්ලාන්තය ඇතිවීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

මේ හේතුවෙන් පාර්ලිමෙන්තුව ලබන 23 වනදා දක්වා කල් තැබීමට කතානායකවරයා තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top