මෙවර මැතිවරණයට අපරාධ සහ චෝදනාවට ලක්වූ සුදුසුකම් නොමැති අපේක්ෂකයන් 80ක්

මෙවර පළාත් සභා මැතිවරණය සදහා විවිධ අපරාධ සහ චෝදනාවට ලක්වූ සුදුසුකම් නොමැති අපේක්ෂකයන් 80 දෙනෙකු ඉදිරිපත්ව සිටින බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සමග පැවති සාකච්ඡාවකදී අනාවරණ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජිත හේරත් මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර රාජගිරිය පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ‍්‍රයේදී ඊයේ (10) පස්වරුවේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විජිත හේරත් මහතා මේ බව පවසා තිබේ.

“මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ මැතිවරණය පැවැත්වීමේ නීතිරීති පිළිබඳ ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. විවිධ අපරාධ වලට සම්බන්ධ නුසුදුසු අපේක්ෂකයන් 80 කට ආසන්න පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව විසින් හදුනාගෙන ඇති බව එහිදී සභාපතිවරයා පැවසුවා. එම නිසා ඔවුනගේ මන්ත‍්‍රිධුරය පිළිබද මැතිවරණයෙන් පස්සේ ප‍්‍රශ්නාර්ථයක් එන්න පුළුවන්. ඒ පිළිබඳ නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම ඒ පිළිබඳ කටයුතු කරන අයගේ වගකීමකි“ යැයි සභාපතිවරයා පවසා සිටි බව විජිත හේරත් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top