ඇමරිකාවෙන් ඉරානයට නව සම්බාධක

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට නව සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව අමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

න්‍යෂ්ටික අත්හදා බැලීම් මුල්කර ගනිමින් මෙම සම්බාධක පැනවෙන බවඅ එරට මහා භාණ්ඩාගාර ලේකම් ස්ටීව් නිව්චින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

2015 වසරේ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉරානයට පනවා තිබූ සම්බාධක කිහිපයක් ලිහිල් කෙරුණි. එහෙත් අනෙකුත් සම්බාධක ඉවත් කරනවා ද යන්න ජනාධිපති ට්‍රම්ප් තීරණය කළ යුතු බව භාණ්ඩාගාර ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

යුරෝපා සංගමයේ රටවල් ජාත්‍යන්තරයේ ආරක්ෂාව වෙනුවෙන් එම ගිවිසුම අත්හිටුවන ලෙස මීට පෙර අමෙරිකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top