කථානායක හා අගමැතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාස භංග යෝජනාවක්..

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පසුගියදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරු වන තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා වගකිවයුතු වන බැවින් එතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එන බව ඒකාබද්ධ විපක්‌ෂය අනාවරණය කර සිටියි.

එමෙන්ම මෙදින පාර්ලිමේන්තුවේ ඇතිවූ උණූසුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද වගකිව යුතු බව ඒකාබද්ධ විපක්‌ෂය අවධාරණය රකර සිටියි.

ඒ අනුව ඉදිරියේදී කථානායක කරු ජයසූරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒමට කටයුතු කරන බවද ඒකාබද්ධ විපක්‌ෂය පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top