පොහොට්ටුවේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම ගැන තීන්දුව හෙට

මහරගම නගර සභාව සඳහා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙරමුණ විසින් ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාග කරන්නේ නැද්ද යන තීන්දුව හෙට(19) ලබා දෙන නිවේදනය කර තිබේ.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ත්, නලීන් පෙරේරා හා බුවනෙක අළුවිහාරේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ හා වග උත්තර පාර්ශවයේ කරුණු දැක්වීම් අද දින සම්පුර්ණයෙන්ම අවසන් කර ඇත.

ඉන්පසුව අදාළ පෙත්සම ඉදිරියටත් විභාග කිරීමට අවසර දෙන්නේ ද නැද්ද යන තීන්දුව හෙට දින ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top