මාලක සිල්වා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චතුරිකා විමලසේන මහත්මිය අද(18) වරෙන්තු නිකුත් කර ඇත.

2014 වසරේ දෙසැම්බර් මස සමාජ ශාලාවක දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට හා ඔහුගේ පෙම්වතියට පහර දී තුවාල සිදුකිරීම, බලහත්කාරකම් කිරීම යන චෝදනා යටතේ කුරුඳුවත්ත පොලීසිය විසින් මාලක සිල්වා ඇතුළු පිරිසකට නඩු පවරා තිබුණි.

එම නඩුව අද දින කැඳවු අවස්ථාවේ දී සැකකාර මාලක සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටිම නිසා එලෙස වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ලබන මාර්තු 06වනදා යළි කැඳවීමට ද නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top