මිනුවන්ගැටේ ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

වාරියපොල, මිනුවන්ගැටේ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුරාධපුරයේ සිට කුරුණෑගල බලා ධාවනය වූ මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ පසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් මව සහ දියණිය බරපතල තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මව ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසියෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top