සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා ලබන 22 වැනිදා සිට 24 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම පරිදි සිංගප්පූරු අග්‍රාමාත්‍ය දිවයිනට පැමිණීමට නියමිත අතර, එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිතය.

සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව යන දෙරටේම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් සහභාගීවන ව්‍යාපාරික සංසදයකට සහභාගී වීමටද නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top