2005 වසර ජනාධිපති මැතිවරණයේ දී රනිල් වික්රමසිංහට ජන්දය ප්රකාශ නොකර කළ වැරද්ද දෙමළ ජනතාව යළි සිඳු නොකළ යුතුයි. පසුගිය වසර තුනක කාලයේ දී එක්සත් ජාතික පක්ෂය උතුරේ යහපත් වැඩ කටයුතු රැසක් සිඳුකර තිබෙනවා යැයි එ.ජා.ප. යාපනය දිස්ත්රික්ක සංවිධායක හා රාජ්ය ඇමැතිනි විජයකලා මහේස්වරන් පවසයි.
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී යාපනය දිස්ත්රික්කයෙහි පළාත් පාලන ආයතන 17කටම එ.ජා.ප. තරඟ කරන අතර, එම පක්ෂයේ මැතිවරණ ප්රතිපත්ති ප්රකාශනය යාපනය දී අද දින එළිදැක්වීමේ අවස්ථාවට සහභාගිවෙමින් ඇය මේ බව පවසා සිටියාය.
“එ.ජා.ප. බලයට පැමිණ වසර තුනකදී මුල්ලිවායිකාල්වල අපේ ජනතාව සිහිපති කිරීමට සම්පූර්ණ නිදහස ලබාදී තිබෙනවා. මහවිරු දිනය සැමරීමට අනුමැතිය ලබාදී තිබෙනවා. 2009 මැයි 18 දක්වා මුල්ලිවායිකාල්වල පැවැති අවසන් යුද්දයේ දී අපේ ඥාතීන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. එවිට පාර්ලිමෙන්තු මන්ත්රීවරුන් 22 දෙනෙකු උතුරු නැගෙනහිර නියෝජනය කළා, නමුත් එම ජනතාව වෙනුවෙන් ඔවුන් හඞ නැගුවාද? යැයි ජනතාව සිතා බැලිය යුතුයි.
ඔවුන්ගෙන් ඇතමුන් අදටත් පාර්ලිමෙන්තු මන්ත්රීවරුන් ලෙස සිටිනවා. සමහර අය පාර්ලිමෙන්තු මැතිවරණය දී පරාජයට පත්වුණා. ඔවුන් සියළු දෙනා එක්වී අද පළාත් පාලන මැතිවරණයට තරඟ කරනවා.
ඔවුන් අද විවිද අදහස් ප්රකාශ කරමින් සිටිනවා. එදා ජනතාව වෙනුවෙන් හඞ නැගීමට නොහැකි වූවන්ව අද අපට පිළිගන්න බැහැ. දෙමළ ජනතාව විසින් තෝරාපත්කළ පාර්ලිමෙන්තු නියෝජිතයන් ලෙස තමයි එදත් ඔවුන් සිටියේ“ යැයි විජයකලා මහේස්වරන් වැඩිදුරටත් පවසා සිටියාය.
Add Comment