සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 05 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ පිල පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කළ අතර පන්දුවාර 44ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 198 ක් රැස් කිරීමට සමත් විය.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 58ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 199ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 05කදී එම සිමාව පසුකර යමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 49ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම් ජයග්‍රහණය කරා රැගෙන ගිය නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 38ක් සහ තිසර පෙරේරා ලකුණු 39ක් රැස් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top