සිංගප්පූරු අගමැති අද දිවයිනට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම පරිදි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අද (22) දිවයිනට පැමිණීමට නියමිතය.

අද සිට ලබන 24 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා හෙට (23) දින උදෑසන නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගනු ලබයි.

ඉන් අනතුරුව ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලබන අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබෙනු ඇත.

මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇත. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව යන දෙරටේම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් සහභාගීවන ව්‍යාපාරික සංසදයකට සහභාගී වීමටද නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top