දීමනාවක් එපා කියා ආබාධිත විරුවන් අදත් විරෝධතාවයේ

ranaviruස්වකැමැත්තෙන් විශ්‍රාම යන ආබාධිත රණවිරුවන්ට සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික ආබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාවය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ‘රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ. සංවිධානය‘ පවසා තිබේ.

සේවා කාලය වසර 12කට අඩු විශ්‍රාමික ආබාධිත රණවිරුවන් තමන්ට සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා මෙලෙස පසුගිය 31 වනදා සිට විරෝධතාවයේ නිරතවූ අතර, ඊයේ(01) පිටකොටුවේ සිට ජනාධිපති ලේකම් කර්යාලය දක්වා විරෝධතා දක්වමින් ගමන් ගැනීම නිසා රථවාහන තදබදයක් පැවැත්වීණි.

වසර 12 ක සේවා කාලය අවසන් කර විශ්‍රාම ලැබූ රණවිරුවන්ට ලබාදෙන සේවා විශ්‍රාම වැටුප වසර 12 ක සේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට ද ඉදිරියේ දී විශ්‍රාමික දීමනාවක් ලෙස ලබාදීමට කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පියවරගෙන ඇති බව ජනාධිපති ලේකම් කාර්‍යාලය පවසා තිබේ.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ලබන වසරේ පෙරබරවාරි මාසයේ සිට එම දීමනාව ලබාදීමට නියමිත බව එහි සඳහන්ය. කෙසේවෙතත් දීමනාවක් වශයෙන් එය තමන්ට අවශ්‍ය නොවන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පවසා සිටින අතර, 2014 වසරේ කැබිනට් අනුමැතිය හිමි වූ විශ්‍රාම වැටුප තමන්ට ලබාදෙන ලෙස රජයට බල කරමින් අද දිනයදීද විරෝධතාවයෙහි නිරතවේ.

හමුදාවේ නීතිය අනුව ආබාධිත රණවිරුවෙකුට සේවා විශ්‍රාම වැටුපට හිමිකම් කීමට සෙසු නිලයන් වසර 12ක සේවා කාලයක්ද නිලධාරින් වසර 10ක සේවා කාලයක් සපුරා තිබිම විශේෂත්වයකි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top