යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිතයන් ඊයේ (01) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.
පසුගියදා සිදු වූ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති, ප‍්‍රධාන ආචාර්යවරුන් සහ ශිෂ්‍ය නියෝජිතයන් ජනපති සහ අගමැතිවරයා සමඟ සාකච්ඡා කර ඇත.
අදාළ සිදුවීම දැනගත් වහාම ජනාධිපතිතුමා ඒ පිළිබඳව තම බලවත් කණගාටුව ප‍්‍රකාශ කළ අතර අපක්ෂපාතී හා ස්වාධීන පරික්ෂණයක් පවත්වන ලෙස ද බලධාරින්ට නියෝග කර තිබුණි.
ඊයේ පැවති හමුවේදී සිසුන් කළ ඉල්ලීම අනුව පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව කඩිනම් කිරීමට ද නීතිපතිවරයා වෙත ෙඋපදෙස් දුන් ජනාධිපතිතුමා එම වාර්තාව ලැබුණු වහාම අදාළ සිසුන්ගේ පවුල්වලට වන්දි මුදල් ගෙවන බව ප‍්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ද සහභාගිවූහ.
– Global Tamil News : Sinhala