දිගම්බරම් සහ හකීම්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව

පලනි දිගම්බරම් සහ රාවුෆ් හකීම් යන අමාත්‍යවරුන්ට ද පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී ඇති බව වාර්තාවේ.

බුද්ධි අංශ වාර්තා පදනම් කර ගනිමින් ලබන පෙබරවාරී මස 11 වැනිදා දක්වා මෙලෙස ආරක්ෂාව ලබාදී ඇති බව පැවැසේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍යවරුන් වන සාගල රත්නායක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, තලතා අතුකෝරළ, තිලක් මාරපන, රිෂාඞ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේට මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන්ට ද මෙලෙස ආරක්ෂාවක් ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top