SRILANKAN NEWS

පිල්ලයාන් යළි රිමාන්ඩ්

pillayan පිල්ලයාන්දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටින සැකකරුවන් සිව්දෙනා ලබන 16 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කර තිබේ.

මඩකලපුව මහේස්ත්‍රාත් එම්. ගනේසරාජා මහතා ඉදිරියේ අද (02) දින සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේය.

නැගෙනහිර පලාත් හිටපු මහ ඇමති සහ දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂයේ නායක පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්, දෙමළ ජනතාව විමුක්ති කොටි පක්‍ෂයේ හිටපු ජාතික සංවිධායක හා හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රදීප් මාස්ටර් හෙවත් එඩ්වින් සිල්වා ක්‍රිස්ණරාජා, ගජන් මාමා හෙවත් කනකනායකම් සහ හමුදා බුද්ධි අංශ නිළධාරි එම්. කලීල් යන පිරිස මෙලෙස යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර තිබේ.

2005 වසරේ දෙසැම්බර් 25 වන දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් දේව මෙභෙයට සහභාගි වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් පිල්ලයාන්ව පසුගිය වසරේ ඔක්තෝබර් 09 වනදා අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

– Global Tamil News : Sinhala