යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් 4ක් රිමාන්ඩ්

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිංහල සිසුන් හතර දෙනෙකු ලබන 25 වෙනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනය දිසා විනිසුරු සී.සතීස්වරන් මහතා නියෝග කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා දින රාත්‍රී යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරන පීඨයේ 4 වසරේ සහ 3 වසරේ සිසුන් අතර ගැටුමක් ඇතිවී තිබුණි. එහිදී තුවාල ලැබු සිසුන් කෝප්පායි පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිංහල සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සිසුන් හතර දෙනාට ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් පහර කෑමට ලක්ව තුවාල ලැබූ සිසුන්ගෙන් දෙදෙනෙකු තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බව කෝපායි පොලීසිය විසින් අධිකරණයට දැණුම් දීම නිසා විනිසුරුවරයා එම සිසුන් හතර දෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන්ව ලබන 25 වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ද නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top