
මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ චෝදනා මත පසුගිය වසර අවසානයේ දී අත්අඩංගුවට පත්වූ ඉන්දිය ධීවරයන් 98 දෙනෙකු මෙම සති අන්තයේදී නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව පැවැසේ. ඔවුන් ඇතුළු තවත් 113 දෙනෙකු ශ්රී ලංකාවේ බන්ධනාගාරවල රඳවා තබා සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.