SRILANKAN NEWS

කිලිනොච්චියදී ළමයෙකුට බරපතල ලෙස පහරදුන් බන්‍ධනාගාර ආරක්‍ෂකයින්..

ඊයේ (23) දින සවස කරඩිප්පෝක්කු ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී සිවිල් ඇඳුමින් සිටි බන්‍ධනාගාර ආරක්‍ෂකයින් දෙදෙනෙකු සහ බන්‍ධනාගාර ආරක්‍ෂක නිල ඇඳුමින් සිටි දෙදෙනෙකු ද එක්වී ළමයෙකුට බරපතල ලෙස පහරදී තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ, ඊයේ දින සවස කරඩිපෝක්කු හංදියෙන් ගමන් කළ බන්‍ධනාගාර නිලධාරින් රැගත් බස් රථයක් සහ පාපැදියක් අනතුරකට ලක්වී තිබේ. එහිදී පාපැදියේ ගමන් කළ ළමයා සුළු තුවාල සමඟ අනතුරින් බේරී ඇති අතර, අනතුරට හේතුව පාපැදියේ ගමන් කළ ළමයා බව පවසා හෝටලයක තුල සිටි ළමයෙකුට බන්‍ධනාගාර ආරක්‍ෂකයින් අමානුෂික ලෙස පහරදී ඇති බව පැවැසේ.

බන්‍ධනාගාරි ආරක්‍ෂක නිලධාරින්ගේ එම අමානුෂික ක්‍රියාව එහි සිටි ජනතාව පිළිකුල් ලෙස හෙලාදක තිබේ.