බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිවරිය දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් හම්බන්තොට දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් අනු කමිටුවක් පත්කර ඇත.
අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවේල් සුරේෂ් මහතා විසින් මෙම කමිටුව පත්කර ඇත.
මෙම කමිටුවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාද පත්කර ඇති අතර සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදි නියෝජිතයින් පත්කිරිමටද නියමිත බව පැවසේ.
මෙම කමිටුව නියෝජිතයින් නව දෙනකුගෙන් සමන්විත වන අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කර අධ්‍යාපන ආංශික අධික්ෂණ කාරක සභාව වෙත වාර්තාව ලබාදිම මෙහි වගකීම ලෙස පැවරී තිබේ.