යාපනය, වඩමරාච්චියෙන් ගංජා කි.ග්‍රෑ. 113ක් අත්අඩංගුවට

යාපනය, වඩමරාච්චිය නැගෙනහිර මුහුදු ප්‍රදේශය හරහා ඉන්දියාවේ සිට රැගෙන එනලද ගංජා කිලෝ ග්‍රෑම් 113ක් අත්අඩංගුවට ගෙන ඇති බව කාන්ගසන්තුරයි නාවික හමුදාව පවසයි.

වෙට්රිලයිකේනි මුහුදු ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ කළ වැටලීමේදී ගංජා අසුරා තිබූ පාර්සල් 50 ක් සොයාගත් බවත්, එහි වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවද නාවික හමුදා පවසයි. අදාල ගංජා තොගය කාන්ගසන්තුරයි පොලිසියට භාරදී ඇති අතර, පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top