SRILANKAN NEWS

ඩග්ලස් දේවානන්දාගේ මැදිහත්වීමෙන් ඌර්කාවට්තුරයි ඉඩම් අත්පත් කර ගැනීම අත්හිටුවයි!

නාවික හමුදාවේ ආරක්‍ෂක සහ නිරීක්‍ෂණ මධ්‍යස්ථාන ඉදිකිරීමට යැයි පවසා, ඌර්කාවට්තුරයි, පරිත්තියඩයිප්පු ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක් අද (25) දින ඉඩම් මිනුම්දෝරු දෙපාර්තුමෙන්තුව විසින් ඉඩම් මැනීමට නියමිත තිබූ අතර, මේ සම්බන්‍ධයෙන් ඉඩමේ හිමිකරු ඇතුළු ප්‍රදේශවාසීන් ඊයේ දින පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතාගේ අවධානයට යොමු කර තිබේ.

අනතුරුව, ඉඩම් අමාත්‍යවරයා සහ ඉඩම් මිනුම්දෝරු කොමසාරිස්වරයා සමඟ දුරකථනයෙන් කතා කළ ඩග්ලස් දේවානන්දා මහතා, ඉඩම් මැනීමේ කටයුත්ත අත්හිටුවා ඇති බව පැවැසේ.

අප ජනතාවගේ ඉඩම් විශාල ප්‍රමාණයක් තවඳුරටත් හමුදාව නිදහස් කර නැති තත්වයක අප ජනතාවට අයත් තවත් ඉඩම් හමුදාව විසින් විවිද හේතු මත අත්පත් කර ගැනීම අසාධාරණ ක්‍රියාවක් බව පෙන්වාදී ඇති දේවානන්දා මහතා, ඉකුත් ඉඩම සම්බන්‍ධයෙන් නිසි ලෙස සොයා බලා එය ගැන තීරණයක් ගන්නා තෙක් ඉඩම් මැනීමේ කටයුතු සිඳු නොකළ යුතු යැයි අවධාරණය කළ බවද පැවැසේ.