බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ලයෙකු මරුට

නුවරඑළිය ඩයගම ප්‍රදේශයේ දී බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඩයගම බටහිර වත්ත ප්‍රදේශයේ දර කැඩීමට ගිය පුද්ගලයෙකු මෙලෙස බඹර ප්‍රහාරයට ලක්වී තිබේ.

ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ඩයගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඩයගම බටහිර වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු හැටඅටක් වූ පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්‍ෂයට පත්වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top