මැතිවරණ නීති උල්ලංඝණය කළ 232 ක් අත්අඩංගුවට

2018 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයින් 232 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 23 දෙනෙකු ද සිටින අතර මැතිවරණය ප්‍රකාශයට පත්කරන ලද දිනයේ සිට මේ දක්වා කාලය තුළ අදාළ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ මේ වන විට මැතිවරණ පැමිණිලි 281 ක්‌ ලැබී ඇති අතර, මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ සිදුවීම් 112 ක්‌ වාර්තා වී ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top