ආචාර්ය ධර්මසේන පතිරාජ දිවියට සමුදෙයි

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම තිර රචකයෙකු වන ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අභාවප්‍රප්ත වී තිබේ.

මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) උදෑසන ඒ මහතා අභාවප්‍රප්ත වු බව පවුලේ ඥාතීහු සඳහන් කරති.

මියයන විට ‍74 වන වියේ පසු වූ ධර්මසේන පතිරාජයානන් “අහස්ගව්ව”, “බඹරු ඇවිත්”, “වාසුලි”, “එයා දැන් ලොකු ළමයෙක්”, “පාරදිගේ”, “සොල්දාදු උන්නැහේ” ඇතුළු සිනමා නිර්මාණ රැසක්ද “කඩුල්ල”, “ඇල්ල ලඟ වලව්ව”, වැනි ටෙලි නිර්මාණද බිහිකළ අග්‍රගන්‍ය සිනමාකරුවෙකු ලෙස ධර්මසේන පතිරාජයන් ගෞරවයටත් සම්මානයටත් පාත්‍ර වූ අයෙකි.

ධර්මසේන පතිරාජ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහුගේ අවසන් කැමැත්ත අනුව අද දිනම සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top