පළාත් පාලන මැතිවරණය කල්දැමීමට සූදානමක් නැහැ – මහින්ද දේශප්‍රිය

වසර පහකට පසුව මෙවර පළාත් පාලන මැතිරවණය පෙබරවාරි 10 දාට පැවැත්වීමට නියමිත බවත් එම මැතිවරණය කල් දැමීමේ සූදානමක් මැතිවරණ කොමිසමට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් ක‍ළේය.

රාජගිරියේ මැතිවරණ මහ ලේකම්කාර්යාලයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා ඒ බව කියා සිටියේය.

බැදුම්කර විවාදය හෝ මහාපරිමාණ දූෂණ වංචා පිළිබඳ විවාදය හෝ පැවැත්වීම කොමිසමට ආදළ නැති බවත් එහෙත් පෙබරාවාරි 08 සහ 09 වන දා නිහඩ කාලසීමාවකට එම විවාදය වැටීම බාධාවක් වී ඇති බව ද කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් තිදෙනා එක්ව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද සභාපතිවරයා කියා සිටි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top