මෙරට මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්ධීය ධීවරයන් 12 දෙනෙකු අත්අඩංගුවට

Gallery Picture

මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තලෙයිමන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු සීමාවේදී අදාළ ධීවයින් පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

එහිදී ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 02ක සිය බාරයට ගත් බව ද නාවික හමුදාව සඳහන් කළේය. අදාළ යාත්‍රා දෙක නාවික නෞකා තම්මැන්නා ආයතනයට බාරදී තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂණ කාර්යාලයට බාරදුන් බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top