පර්පචුවෙල් ව්‍යාපාර සමූහයට අයත් සමාගම් 28හිම බැංකු ගිණුම් තහනම් කරයි

වංචාසහගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝසියස් හිමිකාරිත්වය දරණ පර්පචුවෙල් ව්‍යාපාර සමූහයට අයත් සමාගම් 28හිම බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇතැයි මහ බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝෂියස් මහතා අධ්‍යක්‍ෂධූරය හෙබවූ මෙම සමාගම්වල ගිණුම් පවත්වාගෙන යන සියලුම බැංකුවලට මහබැංකුවෙන් පසුගිය බදාදා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම ගිණුම්වල මුදල් ඉවත්කර ගැනීමට යන බවට බුද්ධි ඒකකයට ලැබී ඇති තොරතුරු අනුවය.

ගිණුම් අත්හිටුවීමත් සමඟ අදාළ සමාගම් 28ට තම ගිණුම් භාවිත කරමින් කිසිඳු මූල්‍ය හෝ ව්‍යාපාරික කටයුත්තක නිරතවීමට නොහැකි වේ. මෙසේ එම සමාගම්වල ගිණුම් තහනම් කිරීම සඳහා හදිසියේ පියවර ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ අරමුණින් යැයි ද පැවසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top