සයිටම් අර්බුදයට විසදුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
අද පෙරවරු අටේ සිට දීප ව්‍යාපත්ව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේය.
සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර ලබානොදුනහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේය.
මේ අතර පසුගියදා සයිටම් ආයතනයට එරෙහිව පැවැත්වු විරෝධතා පෙළපාලියට පොලීසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට වෛද්‍ය පීඨ දෙමව්පිය සංගමය තීරණය කර තිබේ.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සදහන් කළේ අදාළ දිනයේ දී කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කර ඇති බවයි.
මේ අතර අද පෙරවරු 9.00සිට පැය 4ක කාලයක් වැඩ වර්ජනයක නිරත වීමට ජාතික ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ.
එම සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සදහන් කළේ වසර තුනකට වරක් සිදුවන වැටුප් වැඩිවීම මෙවර ලබානොදීමට විරෝධය පල කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
Add Comment