බැදුම්කර විවාදය සම්බන්‍ධයෙන් අවසන් තීන්දුව අද

පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කතානායකවරයා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. අද දහවල් 12.00ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.

මෙම පක්ෂ නායක රැස්වීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ද සහභාගී වන ලෙස ආරාධනා කර ඇති බව කතානායක කාර්යාලය සඳහන් කළේය.

බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට පෙර පවත්වන ලෙස ජනාධිපතිවරයා පසුගියදා ප‍්‍රකාශ කළේය. ඒ අනුව එම විවාදය පෙබරවාරි මස 8 වන දින පවත්වන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද ප‍්‍රකාශ කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top