ජී.එල්. පීරිස්ගෙන් නව පක්ෂයක්

ජි.එල්හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් පක්ෂයක් පිහිටුවා තිබේ.

දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කර තිබූ විමල් ගීගනගේ මහතාගේ පක්ෂය වන “අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ” නම් පක්ෂය “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ” බවට නම වෙනස් කිරීමක් සිදුකර තිබේ.

එහි සභාපතිවරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා කටයුතු කරන අතර, පක්ෂයේ සලකුණ ලෙස මල් පොහොට්ටුව සඳහන් කර තිබේ.

අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ එහි සළකුණ ලෙස මුලදී බැට්එක භාවිතා කර ඇති අතර පසුගිය මහාමැතිවරණයේදී එය මල් පොහොට්ටුව ලෙස වෙනස් කර ඇත. එහි ලේකම් වශයෙන් කටයුතු කර ඇත්තේ සාගර කාරියවසම් නම් අයෙකි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top