SRILANKAN NEWS

අල්ලස් හා දුෂණ චෝදනා සම්බන්‍ධ නඩු විභාග කිරීමට විශේෂ මහාධිකරණයක්..

අල්ලස් හා දුෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

මේ සඳහා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂයෙන් කැප වූ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීම සඳහා 1978 අංක 2 දරන අධිකාරණ සංවිධාන පනත සංශෝධනය කිරීම පිණිස අමාඅත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත්
ලබා දෙනු ලැබ තිබේ.

මෙහිදී ත්‍රිපුද්ගල මහාධිකරණ ස්ථාපිත කිරීම සඳහා විධිවිධන සලසමින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරිය ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.