ශ්‍රී ලංකාව තුළ යහපාලනය ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඒ වෙනුවෙන් වසර හතරක්පු රාවට ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ධනය සඳහා යහපාලනය (Governance for Growth) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට, ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 31 ක මුදලක් ලබාදීම සඳහා ගිවිසුමක් අත්සන් තබා ඇති බව වාර්තාවේ.
අදාල ගිවිසුම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තබන ලද අතර ශ්‍රී ලංකාව සඳහා වන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Bryce Hutchesson මහතා ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් අදාල ගිවිසුමට මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ඊයේ 30 දින අත්සන් කර තිබේ.
Add Comment