ශ්‍රී ලංකාවේ නිදහස් දින උත්සවයට සහභාගිවීම සඳහා එඩ්වඩ් කුමරු අද දිවයිනට

ලබන පෙබරවාරි 04 වනදා පැවැත්වීමට නියමිත මෙරට 70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් සහභාගී වන වෙසෙක්ස්හි අර්ල්වරයා හෙවත් එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ඔවුන් මෙරට සමාජ සුබසාධන කටයුතුවල මෙන්ම සංචාර කිහිපයක ද නිරත වීමට නියමිත අතර හෙට පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.

අනතරුව එදින පස්වරුවේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වනු ඇති.

මොවුන් දෙපළ ලබන 03 වන දා රත්මලාන අන්ධ විද්‍යාලයේ පැවැත්වෙන ආබාධිත ළමයින්ගේ ක්‍රියාකාරකම් ඇතුළත් ප්‍රදර්ශනයකට සහ සංස්කෘතික වැඩසටහනකට ද සහභාගී වීමට නියමිත ය.

එඩ්වඩ් කුමරු බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ බාල පුත්‍රයා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top