SRILANKAN NEWS

නේවි සම්පත් අත්අඩංගුවට ගන්න මහජන සහය පතයි

2008-2009 වසර වලදී තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

එම පිරිස අතරින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින නාවික ලූතිනන් හෙට්ටිආරච්චි මුදියංසේලාගේ චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

1977.02.09 උපත ලබා ඇති සැකකරු අංක 54/1 වැල්ලවත්ත, වැල්ලම්පිටිය යන ලිපිනයේ පදිංචි සැකකරු දැනට අධිකරණය මඟහරිමින් සැගව සිටින බව පොලිස් මුලස්ථානය කියයි.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියේ – 011-2422176

අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ – 011-2320141- 145

සමුහ මංකොල්ල අංශ – 011-2393621 යන වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.