ගිනි අවි ඇතුළු ආයුධ ළඟා තබාගත් තිදෙනෙකු අත්අඩංගුවට

ගිනි අවි 2ක්, උන්ඩ සහ ආයුධ කිහිපයක් සමග සැකකරුවන් තුන් දෙනෙකු ඇල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව එම බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් සිඳුකළ වැටලීමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ගිනි අවි 2ක්, උන්ඩ 4ක්, කඩු 4ක් ඇතුලු ආයුධ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top