SRILANKAN NEWS

සිවශක්ති ආනන්දන්ව නීතිය ඉදිරියට ගෙන්වනවා – සුමන්දිරන්

රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාත් බවට චෝදනා සහගත අසත්‍ය ප්‍රකාශයන් සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.

ඊයේ (31) දින යාපනය නීරාවියඩි වේන්දන් කලා මණ්ඩපයේදී පැවැති ජන හමුවකදී සුමන්දිරන් මහතා මේ බව පවසා තිබේ.

2010 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අයවැයට පක්‍ෂව ජන්දය ලබාදුන් සිවශක්ති ආනන්දන්, දැන් ජනතාවගේ සංවර්ධනය සඳහා අදහස් විමසීම වැරදි කටයුත්තක් බව පවසා සිටිනවා.

ඉදිරි දින කිහිපය තුළදී සිය නීතිඥයින් මාර්ගයෙන් සිවශක්ති ආනන්දට එරෙහිව නඩු මගට බසින අතර ඒ පිළිබඳ සිවශක්ති ආනන්දන් මහතා වෙත දැනුම් දෙනවා, මෙම සිද්ධිය දැන් සීමාව ඉක්මවා ගොස් තිබෙනවා යැයි සුමන්දිරන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මේ වසර සඳහා ඉදිරිපත් කළ රජයේ අයවැයට සහාය විම සඳහා තමන් හැර දෙමළ ජාතික සන්ධානයේ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රුපියල් දෙකෝටිය බැගින් රජයෙන් අල්ලස් ගෙන ඇති බවට සිවශක්ති ආනන්දන් මහතා විසින් පසුගියදා චෝදනා කර තිබුණි.