පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු ජයග්රහනය කළ පසු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් අනිවාර්යයෙන්ම එම කණ්ඩායමෙන්ම හෝ පක්ෂයෙන්ම මැතිවරණයට තරඟ කළ අයෙකු හැර පිටස්තර පුද්ගලයෙකු පත් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කරයි.
මෙම තත්වය නිසා ජයග්රහණය කිරීමෙන් අනතුරුව යම් පුද්ගලයකු ඉවත්වී ලැයිස්තුවෙන් පිටත සිටි පුද්ගලයෙකුට පත්වීමට ඇති අවස්ථාව මගහැරෙන බවද සභාපතිවරයා පවසයි.
එමෙන්ම මෙවර මැතිවරණයට නාම යෝජනා භාර දුන් කිසිදු අපේක්ෂකයකුට ජන්දයට පෙර ඉල්ලා අස්වීමට නොහැකියැයිද මහින්ද දේශප්රිය මහතා පවසයි.
අපේක්ෂකයකුගේ මරණයකදී හෝ මැතිවරණයෙන් පසුව කරනු ලබන ඉල්ලා අස් වීමකදී පක්ෂයේ ලේකම් වරයාට වෙනත් කෙනෙකු පත්කිරීමේ බලය හිමිවන අතර ඒ පුද්ගලයා ඉදිරිපත් කළ ලැයිස්තුවේ කෙනෙකු වීම අනිවාර්ය බවද ඒ මහතා අවධාරණය කරයි.
පනතේ එවන් පත්කිරීමක් පිළිබඳව නිර්ණායක සදහන් කර නැතත් පිටතින් පුද්ගලයෙකු පත්කිරීම පිළිබඳව මීට ඉහත ලබාදුන් නඩුතීන්දුවල සඳහන් ආකාරයට පිටස්තර පුද්ගලයකු පත්කිරීමට එරෙහි දැඩි මතයක මැතිවරණ කොමිසම සිටින බවද මහින්ද දේශප්රිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Add Comment