බෙල්ලන්විල විහාරස්ථානයේ “මියන් කුමර්” ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අද (03) උදෑසන අපවත්වී අභාවප්‍රාප්ත වී තිබේ.
විහාරස්ථානයේ ගාල් කර සිටි මියන්කුමාර නැමති හස්තියාට ආහාර ලබාදෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දුන් විමලරතන හිමියන් කළුබෝවිල රෝහලට ඇතුළත් කරන ලද අතර පසුව කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු පැය 10 ක පමණ ශල්‍යකර්මක් ද සිදු කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි..