පෙබරවාරි 04 වැනිදාට යෙදෙන හැත්තෑවැනි 70 ජාතික නිදහස් දිනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක 7 මිලගණන් වහාම අඩුකිරීමට පියවර ගත්බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
එසේ පහත දැමූ මිලගණන් ලබන 07 වැනිදා තෙක් ක්‍රියාත්මක වන අතර දිවයින පුරා ලංකා සතොස අලෙවිසැල් මගින් අදාළ භාණ්ඩ වර්ග මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට හිමිවන බව ද අමාත්‍යවරයා පවසා තිබේ.
ඒ අනුව බාස්මතී සහල් කිලෝව රුපියල් එකසීය විස්සක මිලකටත්, සුදුකැකුළු සහල් කිලෝවක් රුපියල් හැටක මිලකටත්, කැඩුනු සහල් කිලෝවක් රුපියල් පනස් නවයක මිලකටත්, පරිප්පු කිලෝවක් එකසීය පනස් නවයක මිලකටත්, මුං ඇට කිලෝවක් රුපියල් එකසීය අනූපහක මිලකටත් ලොකු ලූණු කිලොවක් රුපියල් එකසීය දහයක මිලකටත්, මිරිස් කරල් කිලෝව රුපියල් දෙසීය විස්සක මිලකටත් දිවයින පුරා පිහිටි ලංකා සතොස ශාඛාවලින් ලබාගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට ලබාදී ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.