මහින්ද රාජපක්‍ෂගේ ප්‍රජා අයිතිය ජීවිත කාලෙට නැති කළ යුතුයි..

දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මහාධිකරණයක නඩු පවරා ඔහුගේ ප්‍රජා අයිතිය ජීවිත කාලය පුරාවටම අහෝසි කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසයි.

අද(02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපති කොමිසම් සභාව මඟින් මහින්ද රාජපක්ෂ මහතා දුෂිතයෙක් ලෙස නිර්දේශ කර ඇති බවත් පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා අපරාධ නඩු පැවරීමෙන් අනතුරුව හිමිවන දඬුවම වසර 7ක් වන බවත් එලෙස සිවිල් අයිතිවාසිකම් අහෝසි කිරීම පමණක් ඔහුට ප්‍රමාණවත් නොවන බවද කියා සිටියේය.

පක්ෂයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට හෝ නඩු පැවරීමට නිර්දේශ කර ඇති වෙනත් ඕනෑම අයෙකුට ළඟදීම ස්ථාපිත කරන දුෂණ විරෝධි මහාධිකරණයක් මඟින් දඩුවම් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top