අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (04) උදෑසන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ය. කසුන් පලිසේන මහතා වැල්ලවත්ත, අර්තුසා මාර්ගයේ පිහිටි ඒ මහතාගේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top