තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත්ගේ අපෑල සලකා බැලීම කල්යයි

බ්‍රිතාන්‍ය ජාතික ෂෙයික් කුරාම් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක්කිරීම ඇතුළු අධි චෝදනාවන්ට වරදකරු කර 20 වසරක සිර දඬුවමක් නියම කර ඇති තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ නැමැත්තා සහ අනෙක් චූදිතයින් සිව්දෙනා තමන්ට පනවා ඇති සිර දඩුවම් ලිහිල් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති ඇපෑල සලකා බැලීම ලබන ජුනි 12 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කර ඇත.

මෙම පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් සහ විනිසුරු එස්.තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර එහිදී පෙත්සම් කල් තැබිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top