මුලතිව් වැසියන්ට හමුදාවෙන් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක්

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ භට පිරිස් විසින් දියත් කරන ලද ජංගම අක්ෂි සායනයක් මුලතිව් පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදි පසුගිය දා පැවැත්විණි.

එහිදි මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් 350 කට වැඩි පිරිසක‍ගේ ඇස් පරික්ෂා කර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ද ලබාදෙන ලදී. අක්ෂි සායනයෙන් පසු තෝරාගත් සිවිල් වැසියන් 350 දෙනෙකු සඳහා රු.1250/= ක් පමණ වටිනාකම ඇති ඇස් කණ්ණාඩිය බැගින් රු.437,500/= වටිනා ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීම සිදුකරන ලදි. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ මහතාගේ මගපෙන්වීම මත පවත්වන ලද මෙම වැඩසටහන සඳහා 68 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් අනුව අවශ්‍ය පහසුකම් සම්බන්ධිකරණය කරදෙන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාව සඳහා එක්විය.

මේ අතර, 70 වන නිදහස් දිනයට සමඟාමිව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59, 64 සහ 68 වන සේනාංක භට පිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ ප්‍ර‍දේශවාසින්ගේ ආර්ථික තත්වය ඉහල දැමිමේ අරමුණින් ආර්ථික වැදගත්කමක් ඇති භෝග පැල 1200 ක් පමණ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය ඉදිරිපිට දී බෙදා දෙන ලදි. කොස් පැල 750 ක්, සියඹලා පැල 300 ක් සහ මහෝගනි පැල 150 ක් මෙසේ බෙදාදුන් පැල අතර විය.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ මහතගේ අනුමැතියෙන් පවත්වන ලද මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන දියත් කිරීම සඳහා නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top