SRILANKAN NEWS

ලොරියක ගැටීමෙන් දුම්රිය පාපුවරුවේ ගිය සිව් දෙනෙකු මරුට

ලුනාව සහ අගුලාන දුම්රිය ස්ථාන අතරදී ලොරියක් දුම්රියක ගැටීමෙන් දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටි මඟීන් සිව් දෙනෙකු මියගොස් තිබේ.

කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් මෙලෙස අද පස්වරුවේ මිය ගොස් තිබේ. සිද්ධියෙන් තරුණයන් තිදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එක් අයකු රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇති අතර, තවත් හය දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.