පේදුරුතුඩුව-කන්කසන්තුර මාර්ගය වසර 28කට පසු විවෘත කරයි

වසර 28 කාලයක් වසාදමා තිබූ පේදුරුතුඩුව – කන්කසන්තුරය ඒ.බි. 21 මාර්ගය ජනතාව වෙනුවෙන් අද (05) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (05) යාපනයේ පැවති ජන හමුවක් අමතමිනි.

එම මාර්ගය අද විවෘතවීමත් සමග ජනතාව ගමන්කළ යුතු දුර කි.මි 50 කින් පමණ අඩුවනු ඇති බව පැවසූ ජනාධිපතිතුමා කිසිදු බේදයකින් තොරව යාපනය ජනතාව වෙනුවෙන් ද සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කරන බව සදහන් කර තිබේ.

1990 ජුනි 20 වැනිදා සිට යාපනය පලාලි යුද හමුදා අධි ආරක්ෂිත කලාපය පිහිටා තිබීම හේතුවෙන් ආරක්ෂිත ක‍්‍රියාමාර්ගයක් ලෙස සිවිල් ජනතාවට මෙම මාර්ගය වසා දැමූ බව යුද හමුදාව පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top